HTML යනු කුමක්ද?

HTML යනු Hyper Text Markup Language යන්නෙහි කෙටි යෙදුමකි! සරලවම කිව්වොත් මෙකෙන් කරන්නේ webpage එකක් නිර්මාණය කර ගැනීම.
                      අපි දන්නවා website එකක් කියන්නේ webpage කිහිපයක හෝ විශාල ප්‍රමාණයක එකතුවක්. ඉතින් වැඩි කතා නැතුව අපි බලමු HTML වලින් සරල Webpage එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා.

මූලික විදියට ගත්තොත් මෙය පරිශීලනය කරන ඔබ සමහර විට Webdeveloping පිලිබදව පාඨමාලාවක් හදාරනවා වන්නට පුලුවන්. ඉතින් ඔයාලට තමා මේ ආරම්භය.

1. පලමුවෙන්ම ඔබගේ පරිඝනකය තුලින් Notepad එක ඔපන් කරගන්න. 
(ඒක නොදන්න කෙනෙක් නෑනේ? :-) )

2. මේ HTML වල වැඩේ යන්නේ <tag> කියන ඒවගෙන්. මේවගෙන් ප්‍රධානම tag එක තමයි <HTML> කියන tag එක මේක.  <html> ඔහොම ගැහුවත් හරි. වෙනසක් නැ. 

අපි දැන් බලමු වැඩේ කරන හැටි. අපි මුලින්ම "Hello HTML" කියලා Display වෙන සරල webpage එකක් හදාගමු.

<HTML>
<HEAD>
   < TITLE>My first webpage</TITLE>
</HEAD>
<BODY>
 Hello HTML
</BODY>
</HTML>

මතක තියාගන්න ඔක Notepad එකේ ගහලා Save කරගන්නකොට. අගට .html කියන Extension එක අනිවාර්යයෙන් තියන්න. නැත්තම් Web browser එකකින් ඔක Open වෙන්නේ නෑ ( ex-  mywebpage.html ) ඔන ඔය වගේ. 

මම කියපු HTML කියන Tag එකට අමතරව තව ඔතන Title,Head,Body වගේ Tag කීපයක් තියෙනවනේ ඒවා මොනවද කියලා වෙනත් දවසක විස්ථර කරන්නම් ඔක කරලා බලන්නකො එතකන්. 
   උඩ මම Type කරලා තියෙන My first webpage කියන එකයි, Hello Html කියන එකයි Notepad වෙනස් කරලා save කරලා webpage එක run කරලා බලන්න Webpage එකේ කොතන කොතනද වෙනස් වෙන්නේ කියලා. ඉක්මනට හම්බෙමු එහෙනම්. ප්‍රශ්න තිබ්බොත් comment එකක් දාන්න.



Comments

Popular posts from this blog

20,000 Leagues Under the Sea free download ebook